News

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

සපුගස්කන්ද විදුලි උප – පොළෙහි හදිස්සි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 09 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති,

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සිදුව නගර සභා බල ප්‍රදේශ

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ