කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 87000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 299දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87058 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 90200ක් වන අතර, ඉන් ආසාදිතයින් 2596දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 546කි.