ගම්මන්පිලට – සිඩ්නිට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 19 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිලට සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඊයේ (22දා) නියෝග කළේය.
මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව යළි විභාගයට ගැනීම සඳහා අප්‍රේල් මස 30 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. එදින සාක්කිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා විසින් අවවාද කරන ලදී.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 19 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
අධිකරණ වාර්තාකරු