News

නුවර පාසලක කොවිඩ් පොකුරක්

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ පාසලක හදිස්සියේ කරන ලද කොවිඩ් පරික්ෂාවක දී ආසාදිත පිරිසක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වී ඇත.

නිසි සෞඛ්‍ය උපදෙස් මත පාසල් වැඩ කටයුතු සිදුනොවන බවට පාසල් සංවර්ධන කමිටුව විසින් කළ පැමිණිල්ලක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පොලීසියේ පොලිස් නිලධාරින් එක්ව එම පරීක්ෂාව සිදුකර ඇත.

මේ අනුව පාසලේ ගුරුභවතුන් දසදෙනෙකු සහ සිසු සිසුවියන් දසදෙනෙකු ආසාදිත බව හඳුනා ගෙන තිබෙන බව සඳහන් ය.

ඒ අනුව පාසලේ විදුහල්පතිවරයාට දැඩිව අවවාද කර තිබෙන බවද පැවසෙයි.