News

රවි ඇතුළු අටදෙනා හෙට තෙක් යළි රිමාන්ඩ්

බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් බිලියන 36.89ක පමණ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයට පත් කර සිටි රවි ඇතුළු අටදෙනා හෙට (24) දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ගල විනිසරු මඬුල්ල නියම කළේය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.

එහිදී විත්තිකරුවනට ඇප දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (24) දින මෙම නඩුව කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් එතෙක් රිමාන්ඩ් කෙරිණි.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.