කෘෂිකර්මයේ සහන ණය නවතයි
කෘෂිකාර්මික කටයුතු සඳහා සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.
සහන පොලියට ණය ලබාගත් ඇතැමුන් වාහන පවා මිලදී ගෙන ඇතැයිද ඔහු පැවසුවේය.
වී සහ බඩ ඉරිඟු මිලදී ගැනීමට රජය විසින් සියයට හතරක සහන මිලට ණය ලබාදුන් බවත් මෙම ණය මුදල මීට ඉහතදී ලබා දුන්නේ සියයට 13ක පොලී අනුපාතයකට බවත් ඇමැතිවරයා කීවේය.
මෙම සහන ණය මුදලින් අතැමුන් වී තොග මිලදී ගෙන වැඩි මිලට විකිණීම සඳහා සඟවා ගෙන ඇතැයිද ඔහු පවසයි.
ආණ්ඩුව ජනතාවට මින් සහනයක් ලබාදීමට උත්සාහ කළත් එය අවාසියක් වූ බවද ඇමැතිවරයා කීවේය. සියයට හතරේ සහන පොලිය මත ණය ලබාදීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ තීරණය කළ බවද ඔහු පවසයි.
සාලිය කුමාර ගුණසේකර