අපවත්වී වදාළ පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන්ගේ දේහයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අද (24) අවසන් ගෞරව පුද කරන ලදී.
ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාමයට අද (24) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
ජනාධිපතිතුමා විහාරස්ථානයේ තබා ඇති ශෝක සටහන් පොතේ සටහනක් තබමින් අත්සන් තැබීය.