මෙරට ජාතික ක්‍රීඩා දිනය වෙනස් කරයි
සෑම වසරකම මෙරට ජාතික ක්‍රීඩා දිනය ජූලි මස 31 වන දා ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සෑම වසරක ම අප්‍රේල් 6 වන දා මෙරට ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට 2014 ජුලි 10 වන දා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.
නමුත් අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් අප්‍රේල් 6 වන දා යෙදෙන ජාතික ක්‍රීඩා දිනය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කර ගැනීම අපහසු වන බව අමාත්‍ය මණ්ඩලය සඳහන් කරයි.
ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම හරහා ක්‍රීඩකයන්ට මෙන් ම සමස්ත ජනතාවට ද ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් සහ ලැදියාවක් ඇති කළ යුතු බැවින් ජාතික ක්‍රීඩා දිනය වශයෙන් වෙනත් යෝග්‍ය දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ක්‍රීඩා ක්ෂේත්රයට සම්බන්ධ විවිධ කණ්ඩායම් විසින් පෙන්වා දී තිබේ.
එම කරුණු සැලකිල්ලට ගෙන මෙරටට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වට රිදී පදක්කමක් දිනා ගත්තේ ජුලි 31 වන දා දිනයක වන අතර එම දිනය මෙලෙස ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර ඇත.