වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට
වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
පරගහඅරාව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක් වන දරුවෙක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පෙර පාසල අවසන් වී නිවෙස් බලා යන ළමුන් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයේ දොර හදිසියේ විවෘත වීමෙන් අනතුර සිදුවී ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව විමර්ෂණ වලදී අනාවරණය වී ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ පරගහ ආරාව, ඌව කරඳගොල්ල, ඇල්ල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 5 වන අනුහස් නමැති දරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.