News

විදෙස්ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 26ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2,338 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 1,271 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 296 දෙනෙකු ද, සෞදි අරාබියේ රියාද් සිට 125 දෙනෙකු සිටියි.

ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 1,067දෙනෙකු ගුවන් යානා 13කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි වෙත 218 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත 185 දෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ජර්මනිය , ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තයේ සිට විදේශීය සංචාරකයන් 161 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.