පළාත් 05ක ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 05ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු දිව්රුම් දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත අසාද් සාලි මහතා, මධ්‍යම පළාත – මෛත්‍රි ගුණරත්න මහතා, උතුරු මැද පළාත – සරත් ඒකනායක මහතා, වයඹ පළාත – පේෂල ජයරත්න මහතා හා නැගෙනහිර පළාත – එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයන් වශයෙන් ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.