බිබිල මූලික රෝහලේ රෝගීන් දෙන්නෙක්ට කොවිඩ්
බිබිල මුලික රෝහලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
බිබිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මාසයකට ආසන්න කාලයක් රෝහලේ අංක පහ වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදි පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අනුව මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ආසාදිතයින් දෙදෙනො නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර රෝහල වීෂබීජ හරණයට ලක් කර පසුව වාට්ටුවට රෝගින් ඇතුලත්කිරීමට රෝහල කටයුතු කර තිබේ.
බිබිල හා මැදගම ප්‍රදේශවලින් මේ දිනවල කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.