රවී ඇතුළු පිරිස 31 දක්වා රිමාන්ඩ්
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) තීරණය කළේය.
2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන් චෝදනා ලබා සිටී.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.