අලිවැටට වියදම කෝටි 49යි
අලි මිනිස් ගැටුම වලක්වාලීම සඳහා 2019 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් කෝටි 49ක මුදලක් වැය කර තිබෙන බව රජයේ ගිණුම් කාරක සභාව අනාවරණය කර ගෙන තිබේ.
එතරම් මුදලක් වියදම් කලද අලි මිනිස් ගැටුම අවම වී නොමැති බවටයි එහිදී අනාවරණය වී තිබෙන්නේ.
2019 වසරේ අලි වැට ඉදිකිරීමට වැය කරන ලද මුළු වියදම 27 කෝටි පනස් හතර ලක්ෂ 47,639 ක්.
එමෙන්ම, 2020 වසරේ ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 22 කට අධිකය.
මෙම මුදල් වැය කොට ඉදිකරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග වන්නේ කිලෝමීටර 4,756ක් ය.
මෙසේ විශාල මුදලක් වැය කර තිබුණද මේ වසරේ ගතවූ කාල සීමාව තුල පුද්ගලයින් 28 දෙනෙකු සහ වන අලි මරණ 83ක්ද වාර්තා වී ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණය විය.