News

කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලයක් දඹුල්ලේ

දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද 27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල නගරයේ දී විවෘත වීමට නියමිතය.

රුපියල් මිලියන 60ක වියදමින් ඉදිකළ මෙම එක් මහල් ගොඩනැගිල්ල මගින්, දඹුල්ල, නාවුල, ලග්ගල, විල්ගමුව යන ප්‍රදේශවල විවිධ පෞද්ගලික ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන්ගේ කම්කරු සුභ සාධන කටයුතු ක්‍රියාත්මක වන බව පැවසෙයි.