News

පාර්ලිමේන්තු කාරක සභා යළි පණ ලැබීම 8 වැනිදාට පසු

දැනට අහෝසි වී ඇති පාර්ලිමේන්තු කාරක සභා යළි මෙම අටවැනි දින නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයෙන් පසු පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පැවැසීය.

තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කර ඇති නිසා මීළඟට කාරක සභා සඳහා සාමාජිකයින් පත් කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, උපදේශක කාරක සභාව, අංශ අධීක්ෂණ කාරක සභා ඇතුළු කාරක සභා 12ක් සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමත් සමග එතෙක් පැවැති කාරක සභාද අවසන් විය. නව කාරක සභා සඳහා සාමාජිකයින් පත් නොකිරීමෙන් රජයේ ගිණුම් ඇතුළු අංශ ගණනාවක් අධීක්ෂණ කටයුතු කිරීමට ගැටලු මතුවී තිබේ.