දියේ ගිලී තරුණයින් දෙන්නෙක් මරුට
කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇත.
එම තරුණයින් දෙදෙනා ඊයේ(28)දහවල් දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගිලී ඇති අතර පසුව සිදු කරන ලද සෝදිසියකදි තරුණයන් දෙදෙනාගේ මළසිරුරු හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
17 හැවිරිදි ගොඩකවෙල ප්රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කොළොන්න පොලිසිය විසින් සිදු කරනු ලබයි