නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිල්ලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සිදුකරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඊයේ (28) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමක් අමතමින් මේ බව සඳහන් කර තිබේ.
එසේම මේවන විට ශක්තිමත් තරුණ පිරිසක් පක්ෂය වටා එක්රොක් වෙමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
වැඩිපුරම අසහනයෙන් හා කණගාටුවෙන් පසුවන්නේ ඉහලම ධනවතුන් බවත්, මිනිසකුට අවශ්‍ය වන්නේ තුන්වේල කා සමානය මට්ටමෙන් වහනයක්, ගෙයක් හදා සතුටින් ජිවත් වීම බවත් සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
එසේ නොමැතිව ධනවතුන් වීම නොවන බව සඳහන් කරන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් සඳහන් කර තිබේ.
හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“ලෝකයේ දුප්පතුන් නෙමෙයි වැඩිපුරම අසහනයෙන් සහ කණගාටුවෙන් ඉන්නේ. ලෝකයේ ඉන්න ඉහළම ධනවතුන්. සල්ලි අඩුවෙන්න අඩුවෙන්න ප්‍රශ්න අඩුවෙනවා. මිනිසෙකුට අවශ්‍ය වන්නේ, දවසේ ණය නොවී තුන්වේල කාලා සාමාන්‍ය වාහනයක් අරගෙන පුංචි ගෙයක් හදාගෙන සමාජයේ හොඳට ජීවත්වීමයි අවශ්‍ය වෙන්නේ. නැතුව හැමකෙනෙක්ම ධනවතුන් වීම නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වෙන්නේ, ප්‍රධාන වශයෙන් ම ඉදිරි සංවර්ධන සැලැස්මේ දී පක්ෂය හදන මේ රටේ දුගීභාවය තුරන් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමයි. මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. “