News

බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම සිදුකළ බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වරෙන්තුකරුවන් 418දෙනෙකු ද වන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.