News

ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 වැනිදා සිට

ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට

කොරෝනා වෛරසයට එරෙහි දෙවන මාත්‍රාව ලබන අප්‍රේල් මස 19 වනදා සිට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ දෙවන මාත්‍රාව ලබාදීම සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොග ප්‍රමාණවත්ව පවතින බවයි.

මේ අතර මෙරට තුළ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටක පවතින බවට අනාවරණය වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී තිබේ.