මුතුරාජවෙල සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක්
මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය සඳහා වගකිවයුතු සියලු පිරිස් එක්කර ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට රජයේ ගිණුම් කාරක සභාව තීරණය කර තිබේ.
මේ අනූව ඉදිරි සති දෙක ඇතුලත පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එකඟතාව පළවී ඇත.
මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම තීරණය ගෙන තිබේ.
1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදුනොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.