විදුලි ජනන සැලසුම් සඳහා අමාත්‍ය අනුකාරක සභාවක්
වර්තමාන විදුලි ජනන සැලසුම් සහ විය හැකි අඩුපාඩු අවම කර ගැනීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
එම අමාත්‍ය අනුකාරක සභාව’ වාසුදේව නානායක්කාර, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත ය. එසේම එම සභාවේ නිර්දේශ සති දෙකක් ඇතුලත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර එහි පළමු රැස්වීම අද (29) පස්වරු 03 ට පැවැත්වීමට නියමිතය.
ඩීසල් හා දැවී තෙල් භාවිතය 2025 වන විට 5%ක් දක්වා අවම කිරීමට සහ 2030 වසර වන විට එය සියයට 1%ක් දක්වා සිමා කිරීමටත් විදුලිබල අමාත්‍යංශයේ අරමුණ වී තිබේ.