News

කොත්මලේ ජලාශයෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අභිරහස එළියට

කොත්මලේ ජලාශයෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අභිරහස එළියට

පසුගිය 25වන දා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර පසුව සිරුර ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බව මේ වනවිට හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ ආගරපතන ටොරිංටන් වතුයායේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවකි.

නිවසේදී ඇතිවූ ආරවුලක් නිසා තමන් බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා පසුව සිරුර වෑන් රථයකට දමාගෙන පැමිණ කොත්මලේ ජලාශයට දැමූ බව අපරාධය සම්බන්ධව සැමියා විසින් පාපොච්චාරණය කර ඇති බබව පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි