වාහන තුනක් එකිනෙකට ගැටේ
වාද්දුව පොතුපිටිය ගාලුපාරේ වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ .
පොලීසිය සඳහන් කරන්නේ අනතුර අද (29) පස්වරුවේ සිදුව තිබෙන බවය. තුවාල ලැබූ පිරිස රෝහල් ගතකර තිබේ.
මෝටර් රථයක් , කුඩා ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
මෝටර් රථය පානදුර දෙස සිට කලුතර දෙසට ගමන් කර ඇති අතර , ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්රිරෝද රථයේ මුහුනට මුහුණ ගැටී මාර්ගයේ විරුද්ධ මංතීරුවට ඇදී ගොස් ත්රිරෝද රථයට පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයක ගැටී නතර වී ඇත.
අනතුර සිදුවීමත් සමගින් ත්රීරෝද රථය පෙරලී මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් තිබෙන බව සඳහන් ය.
ත්රිරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.