පොඩි ලැසීගේ ගෝලයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු වන පොඩි ලැසීගේ ගෝලයකු බව කියන පුද්ගලයෙකු ගිනි අවියක් සමග අහංගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් විසින් අද මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි යුද හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.