අනාගත වසංගතවලට මුහුණ දෙන්න ජාත්‍යන්තර ගිවිසුමක්
අනාගතයේ ඇති විය හැකි ගෝලීය වංසගතවලට මුහුණ දීම සඳහා ලෝකයේ රටවල් අතර ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කරගත යුතු බව ලෝක නායකයෝ අවධාරණය කරයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු රටවල් එක්ව මෙවැනි ගිවිසුම් ඇති කරගත් ආකාරයෙන්ම මෙම ගෝලීය වසංගතවලට අදාළවද ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කරගත යුතු බව ඔවුහු පෙන්වා දෙයි.
ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය නායකයන් ඇතුළු 24 දෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලියවිල්ලක් මගිනි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් ඇතුළු නායකයන් පිරිසක් මෙම ලියවිල්ලට අත්සන් තබා ඇත.
වසංගත සම්බන්ධයෙන් ලොව පුරා ජනතාව ඉක්මනින් දැනුම්වත් කළ හැකි ක්‍රමවේදයන් මෙවැනි ගිවිසුමක් හරහා ගොඩනැගීමට හැකි වනු ඇති බවත්, එමෙන්ම තොරතුරු, එන්නත්, සෞඛ්යාරක්ෂක මෙවලම් ආදිය බෙදා හැරීමේ ක්‍රමවේද මේ තුළින් වැඩි දියුණු වනු ඇති බවත් ඔවුහු සඳහන් කරයි.
මෙබඳු ගිවිසුමක් පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ යුරෝපා කොමිසමේ සභාපතිවරයා වන චාල්ස් මිචෙල්ය.
ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, නෝර්වේ, සර්බියාව, ඉන්දුනීසියාව, යුක්රේනය, ෆීජි, පෘතුගාලය, රුමේනියාව, රුවන්ඩාව, කෙන්යාව, ග්‍රීසිය, දකුණු කොරියාව, චිලිය, කොස්ටාරිකාව, ඇල්බේනියාව, දකුණු අප්‍රිකාව, ටිනිඩැඩ් සහ ටොබාගෝ, ටියුනිසියාව, සෙනෙගාලය යන රටවල නායකයෝද ඉහත ලියවිල්ලට අත්සන් තබා තිබේ.
සහන් වික්‍රමගේ