News

මියන්මාර් හමුදා නායකයාගෙන් තානාපතිවරුන්ට සුපිරි සාදයක්

මියන්මාර් හමුදා නායකයාගෙන් තානාපතිවරුන්ට සුපිරි සාදයක්

මියන්මාර් හමුදා දිනය දා විරෝධතාකරුවන් 100කට අධික පිරිසකට වෙඩි තබා ඝාතනය කර දැමීමෙන් පසු මියන්මාර් හමුදා හමුදා නායක ජනරාල් මින් අවුන් සුපිරි සාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා කටයුතු කරන බවත් කලබලකාරි ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට මෙම සාදය පැවැත්වීමට පෙර හමුදා ආචාර පෙළපාලිය අමතමින් හමුදා නායකයා අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාදය සඳහා රුසියාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, වියට්නාමය, ලා ඕසය සහ තායිලන්තය යන රටවල තානාපතිවරුන් සහභාගී වී තිබේ.

මේ වන විට මියන්මාරයේ 500කට අධික පිරිසක් හමුදා වෙඩි තැබීම් වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.