News

මාතර – බෙලිඅත්ත අතර පළමු දුම්රිය අද ධාවනය කෙරේ

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේයි.

ඒ අනුව අද පෙරවරුවේ අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතයි.

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ අදියර තුනක් යටතේයි.

එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි.

එහි දෙවැනි අදියර කිලෝමීටර් 48 ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39 ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම ද දක්වා වනවා.

ලංකාවේ දිගම දුම්රිය උමග ද පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ද වනවා.

එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615ක් වනවා.

නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ ආසන්නය දක්වා පිහිටි එම උමග දිවයනවා.

මීට පෙර ලංකාවේ දිගම දුම්රිය උමග වූයේ සිංගිමලේ උමගයි.