මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 568ක් දක්වා ඉහළට
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 2ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනයවීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 568ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92706ක් වන අතර, ඉන් ආසාදිතයින් 2887දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 89251කි.