කොවිඩ් නිසා විශාල පිරිසකගේ රැකියා අහිමිවෙලා
කොවිඩ් නිසා රැකියා අහිමිවූ අයට ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (01 වැනිදා) දිනෙන් අවසන්වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ‘අරුණට’ ප්‍රකාශ කළේය.
රැකියා අහිමි වූවන්ගෙන් පැමිණිලි කැඳවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මෙවර කොතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්ද යන්න සතියක් ඇතුළත ප්‍රකාශ කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
කොවිඩ් වසංගතය නිසා රැකියා අහිමිවූ අයගෙන් පළමුවරට පැමිණිලි ලබා ගත්තේ පසුගිය වසරේදීය. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවට පසුගිය දෙසැම්බර් 31 දා වන විට පැමිණිලි 12000 ක් ලැබී තිබූ බව ද එම පිරිස අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම වෙනත් ක්ෂේත්‍රයන්හි සේවකයන්ද සිටින බව හෙතෙම පැවැසුවේය.
අජිත් අලහකෝන්