අන්තවාදී වට්ස් ඇප් ගෲප් එකේ අන්තිම දෙකත් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් සහ 29ක් වන අය බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනා පසුගිය නොවැම්බර් මස 21වන දින කටාර් රාජ්‍යයේ සිට පිටුවහල් කර එවන ලද කණ්ඩායමේ හයදෙනාගෙන් ඉතිරි දෙදෙනා වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මීට පෙර පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලදී.
මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ සිට “වන් උම්මා” යන වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවට විවිධාකාරයේ තොරතුරු එවීම සහ එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස්වල ජනතාව වහබ්වාදය සහ අන්තවාදයට යොමු කිරීම යන කරුණු වලට අදාළව බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…..