ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ එස්.අරුල්සාමි මහතා අද (06) අලුයම අභාවප්‍රාප්ත වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය සදහන් කළේ.
එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වන විට 59 වියේ පසු වු බවත්, ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ද වනවා.
වසර 30 පමණ දේශපාලනයේ නියැලි සිටි එස්.අරුල්සාමි මහතා වෘත්තිය සමිති කිහිපයකම උසස් තනතුරු දැරු අතර අරුල්සාමි මහතා මධ්‍යම පලාත් සභාවේ දමිල අධ්‍යාපන අමාත්‍යය ධුරය සහ හින්දු සංස්කෘතික අමාත්‍යය ධුරයද දරා තිබෙනවා.
හැටන් කොටගල ඔහුගේ නිවසේ සිටියදි අරුල්සාමි මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් අද (06) අලුයම දික්ඔය මුලික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ අරුල්සාමි මහතා මිය ගිය බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටින්නේ.
අරුල්සාමි මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවද ලංකා කම්කරු කොන්ග්‍රසය පවසනවා.