පාස්කු ඉරිදා දිනය අදට යෙදේ
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානයවීම සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය අද (04) දිනට යෙදී ඇත.
මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් කිතුණු ජනතාව අද පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීම සිදුකරයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රටතුළ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවය.
දිවයින පුරා දේවාස්ථානවල ඊයේ (03) රාත්‍රීයේ ද දේව මෙහෙයන් පැවති අතර අද සියලු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙයි.
මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද එහිදී සිදුවේ.
ලංකාවේ සියලු දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබෙන අතර පොලිස් හා ත්‍රිවිධ හමුදා 12,500ක පිරිසක් යොදවා තිබෙන බව සඳහන් ය.