ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යළි අරඹයි
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙතෙක් එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්පෙරළිය යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 200 වෙනුවට 2019 වසරේ සිට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරන්නේ.
ඒ වෙනුවෙන් මෙම වසර තුළ රුපියල් මිලියන 48,000ක් වෙන් කෙරෙනවා. මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 බැගින් පසුගිය දා සම්මත කෙරුණ අතුරු සම්මත ගිණුම මගින් වෙන් කරන ලද අතර ඉතිරි මිලියන 100 මාර්තු මස ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය මගින් වෙන් කරනු ලැබෙනවා.
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීම යටතේ ග්‍රාමීය වැව් අමුණු, මාර්ග, පාසල් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය, සනීපාරක්ෂ පහසුකම් වැඩිදියුණු කිරීම, සති පොළ, හරිත උයන් ඉදිකිරීම, නිවාස සංවර්ධනය, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාසවලට විදුලිය බලය ලබා දීම සහ ඉඩම් ඔප්පු ලබා දීම වඩාත් පුළුල්ව සිදු කෙරෙනු ඇති.