පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරයි
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරු ලෙස මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නවුෆර් මව්ලවි හඳුනාගෙන ඇති අතර හජ්ජු රබ්බාර් යන පුද්ගලයාද ඊට සම්බන්ධ බව ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
නවුෆර් මව්ලවි නැමැත්තා 2014 දී IS මතවාදය මෙරටට රැගෙන විත් ඇති අතර 2016 සිට සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමු කරවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.