පිළිකා කාරක පොල් තෙල් බහාලුම් 6ක් ප්‍රතිඅපනයනයට සුදානම්
පිළිකා කාරක “ඇෆ්ලටොක්සින්“ ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් අද (06) කොළඹ වරාය වෙත රැගෙන විත් ඇත.
එම බහලුම් 06 කටාන රිෆයිනරීස් සමාගමට අයත් “ඇෆ්ලටොක්සින්“ අඩංගු පොල්තෙල් ය.
කටාන බටපත්තල පිහිටි සමාගමට අයත් අංගනයේ තිබි අදාළ බහලුම් පසුගියදා රේගු නිවාරණ අංශය වෙත ගෙනවිත් තිබුණි.
මේ අතර අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 04ක් ගෙන්වා තිබු අතර ඒවායේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව පැවසෙයි
තවද එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහලුම් 03ක් ගෙන්වා ඇත . ඒ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් ය.
එම සමාගම්වල බහලුම් ද ඉදිරි දිනවල ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බව සඳහන් ය.
මේ අතර පාම් තෙල් ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.