අවුරුදු සමයේ කජු මෙට්රික් ටොන් එකක ඉල්ලුමක්
කජු සංස්ථාවට අයත් වෙළෙඳසල්වලින් අලුත් අවුරුදු සමයේ දිනකට කජු මෙට්රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින බව එම සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය.
කජු කිලෝවක් පෞද්ගලික වෙළෙඳසල්වල රුපියල් 3000 ත් 4000 ත් අතර මිලකට අලෙවි කළද, කජු සංස්ථාව උසස් තත්ත්වයේ කජු කිලෝවක් රුපියල් 2800 ත් 3000 ත් අතර මිලකට අලෙවි කරන බවද සභාපතිනිය කීවාය.
අලුත් අවුරුදු සමයේදී කජු සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, ඇතැම් අවස්ථාවන්හිදී ඉල්ලුම සැපයීමට නොහැකි වන බවද ඇය සඳහන් කළාය.
විදෙස් රටවලින් කජු ආනයනය තහනම් කර ඇති අතර, මේ හේතුවෙන් මෙරට කජු සඳහා විශාල ඉල්ලුමක් පවතින බවද ඇය කීවාය.
සාලිය කුමාර ගුණසේකර