ඔක්. 28 තෙල් සංස්ථා පරිශ්‍රයේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට
ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා යටතේ කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 දා හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගත අවස්ථාවේ කලහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත සැකකරු අද(07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.