News

වැල්ලවාය වවුල්ගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට හමුදාව කැදවයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය වවුල්ගල කදු රක්ෂිතයේ අද (7) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න පැය කිහිපයක් යන විට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර ගින්න නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර විස්සකට වඩා විනාශ වී තිබේ.ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම නිසා මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ දැනුම් දීමකට අනුව කුඹුක්කන එකසිය විසිඑක් වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිසක් ගින්න මැඩලීම සදහා යොදවන බව මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසා සිටියේය.පවතින දැඩි වියලි කාලගුණය නිසා ගින්න රක්ෂිතය පුරා වේගයෙන් පැතිර යමින් පවතී.

ජයන්ත වීරසේකර