News

ගැටුමක් නිසා එකම පවුලේ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

පුත්තලම – වාන පාර ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් එකම පවුලේ පිය, පුතු දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

ඊයේ (07) සවස 6.30 -7.00 ත් අතර කාලය තුළ මෙම ගැටුම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇති පුත්තලම – වාන පාර පදිංචිකරුවෙකු වන මහුදුල් මොහොමඩ් මුසදීන් යන අය කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තමන් ගමන් කරමින් සිටි වාහනයේ මග හරස් කර එයට පහර දීම නිසා මෙම ආරවුල ඇතිවූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.