දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි
මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් ඊයේ(07) අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පවසයි.
මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පැවසූවේ ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු මන්නාකණ්ඩල් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බුරුත දැව පැටවු ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.
රක්ෂියේ දැව කපා බුරුත දැව ලොරි රථයට පටවා ඊට උඩින් දහයියා හා වී පටවාගෙන ප්‍රවාහනය කරන අවස්ථාවේ අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර, මෙහෙයුම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු පළාගොස් ඇති බවද අඩවි වන කාර්යාල නිළධාරීන් පවසති.
ලොරි රථයේ තිබි බුරුත දැව කදන් 13 ක් සොයාගත් බවද අඩවි වන නිළධාරීන් පැවසීය. අත්අඩංගුවට ගත් දැව තොගය හා ලොරි රථය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට අද(08) ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය හා මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය