1න් නවතින්න හිතුවත් ආදරේ වැඩි නිසා 2ට යන්න වුණා -‘පොදු’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා
‘පොදු’ කියන්නේ එක රැයින් ජනප්‍රිය වෙච්චි ටෙලිනාට්‍යයක් කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඒ නිසා මේ වෙනකොට ආදිගෙයි, නිලූගෙයි ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නැහැ. විශ්වවිද්යාළේ ඇතුළේ ආදි එක්ක නිතරම පැටලෙන්න හදන ටිකක් දඩබ්බර තරුණයෙක් හිටියා ත්රිමාල් කියලා. මතකද? ඔන්න දැන් ත්රිමාල්ට දමිළ තරුණියක් වෙච්චි ප්‍රියා ගැන ආදරයක් ඇති වෙලා. ප්‍රියාගේ ආදරේ නිසා ත්රිමාල්ට වෙනස් වෙන්න වෙයිද? නැත්නම් ආදිත් එක්ක තියෙන පටලැවිල්ල තවත් වැඩි වෙයිද? නිලූගෙයි, ආදිගෙයි ආදරේ අවසානය කොහොම එකක් වෙයිද? කියන මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කැමති නම් ඉතින් ‘පොදු සීසන් 2’ නරඹන්නම වෙනවා.
‘පොදු 2’ බලන්න එකතු වෙන්න කියලා ප්‍රේක්ෂක ඔබට ඒ විදියට ආරාධනා කරන්නේ ‘පොදු’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකායි.
වසර 16ක් දෙරණ නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව විදියට වැඩ කරන ඇය ලංකාවේ වැඩිම රියැලිටි වැඩසටහන් ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ කාන්තාව විදියටත් හඳුන්වන්න පුළුවන්. ‘පොදු’ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ ඇගේ සංකල්පනාවකට අනුව. ලංකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකාවක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාවක් වෙච්චි පළමුවෙනි අවස්ථාවත් මේක. ඉතින් ‘පොදු’ ගැන කතා කරන්න ඇය තරම් සුදුසු වෙනත් කෙනෙක් නැහැ.
‘‘අවුරුදු දාසයක් මම දෙරණ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂිකාව විදියට වැඩ කරනවා. ඒ වගේම මම සිනමාව, ටෙලිනාට්‍ය ගැන එහෙමත් හොඳින් අධ්‍යනය කරලා තියෙනවා. ඒ අත්දැකීම් එක්ක තමයි වෙනස්ම ආරක දෙයක් කරන්න ඕන කියන සංකල්පය මගේ හිතට ආවේ.
ලංකාවේ ඕනතරම් මෙගා නාට්‍ය හැදෙනවා. හැබැයි කුඩා මාලා නාට්‍ය (Miniseries) කියන සංකල්පය ලංකාවේ තිබුණේ නැහැ. කාලය කළමනාකරණය කරගන්න තිබුණු අපහසුතාවත් එක්ක තමයි මම මිනි සීරිස් එකකට යන්න අදහස් කළේ. ඒ වගේම වැඩි කාලයක් ගතවෙන්නෙත් නැති නිසා ප්‍රේක්ෂකයනුත් මේ සංකල්පය ආදරෙන් වැළඳගනී කියන විශ්වාසය මගේ හිතේ තිබුණා.
මුලින්ම මම ‘පොදු 1’ ගැන ටිකක් කියන්නම්. ධම්මික විජේමාන්න, සුදේශ් උදයකුමාර සහ මම එකතුවෙලා තමයි එහි තිරපිටපත ලිව්වේ.
ටෙලිනාට්‍යකින් ප්‍රේක්ෂකයාට රස වින්දනය වගේම යම්කිසි පණිවිඩයකුත් ලබාදෙන්න ඕනේ කියන එක මම නිතරම විශ්වාස කරනවා. ඉතින් ‘පොදු’ තුළින් තාරුණ්‍යයේ පිවිතුරු ආදරය කියන සංකල්පය ප්‍රේක්ෂකයාට ලබාදෙන්න අපි උත්සාහ කළා.
අපි කොටස් දහයක ටෙලිනාට්‍ය මාලාව සති පහක් විකාශය කළා. හිතුවා වගේම ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් ‘පොදු’ වැළඳගත්තා. ඇත්තම කිව්වොත් දෙවැනි කතා මාලාවකට යන්න අපිට ලොකු අදහසක් තිබුණේ නැහැ. ඒත් දෙවැනි කතා මාලාවකට නොයා බැරිතරමට රසික ආදරය සහ ප්‍රතිචාර ලැබුණු නිසා තමයි ‘පොදු 2’ට යන්න හිතුවේ.
පළමු කතා තේමාව සමඟ සබැඳුනත් ‘පොදු 2’න් අපේ තරුණ පරපුරට, රටට වෙනස්ම පණිවිඩයක් දෙන්න අපි හිතුවා. ඒ වෙනස සහ විශේෂත්වය ‘පොදු 2’ පූර්ව ප්රචාරක පටයට අන්තර්ගත කරලා තියෙනවා.
‘පොදු 2’ නිර්මාණයට අපේ කණ්ඩායමට ගයාත්‍රි හීනටිගලත් එකතු වුණා. මේ කතාව ලිව්ව අය විශ්වවිද්‍යාලේ ගිහිල්ලා නැහැ, කැම්පස් ඇතුළේ මේ වගේ ෆැන්ටසි ලෝක නැහැ කියලත් සමහරු කිව්වා. ‘පොදු’ ලිව්ව මම, ධම්මික, සුදේශ්, ගයාත්‍රි අපි හැමෝම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුව අය. අපි හමෝම කට්ට කාලා පොළොවේ පය ගහලා තමයි මෙතැනට ආවේ. ඉතින් විශ්වවිද්‍යාල සංස්කෘතිය ගැන අපිත් දන්නවා. ඒත් සැබෑ ජීවිතයයි ටෙලි නිර්මාණයි අතර වෙනසක් තියෙනවා. ඒකනේ ඒකට අපි නිර්මාණයක් කියලා කියන්නේ.
අවසාන වශයෙන් ටෙලිනාට්‍ය සංස්කරණය කළ රකිත දික්කුඹුර, කැමරා සහාය ලබාදුන් නිලන්ත කුමාර, ශබ්ද පරිපාලක බණ්ඩාර දිසානායක, අංග රචක උදයංග කමල්ජිත්, සංගීත අධයක්ෂණය කළ නිමේශ් කුලසිංහ සහ පොදු සෙට් එකේ හිටිය හැමෝවම ආදරෙන් මතක් කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.’’
ඉතින් ආදරෙන් බලපු ‘පොදු’ කතාවේ දෙවැනි කතාමාලාව ජනවාරි 29 වැනිදා ඉඳලා බලන්න එකතු වෙන්න කියලා අපිත් ඔයාලට ආරාධනා කරනවා.
සෙව්වන්දි හෙට්ටිආරච්චි