අග්ගලා
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් (බැදගත්) 300g
පැණි අඬුකෝප්ප 1/2
සීනි 50g
ගම්මිරිස් කැබලි තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/8
සාදන ක්‍රමය
බැදගත් හාල් පිටිකර හලාගන්න.
පැණි අඬුකෝප්ප 1/2ට සීනි එකතු කර උණුකරගන්න.
හාල්පිටි 25gක් අයින් කරගන්න.
ඉතිරි හාල්පිටිවලට ගම්මිරිස් සහ ලුණු එකතු කරන්න.
එයට පැණිද එකතු කරන්න.
අතේ නොඇලෙන පරිදි අනා ගුලි කරගන්න.
අයින් කරගත් හාල්පිටිවල ගුලි දවටා ගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා