තියුණු ආයුදයකින් පහර දී පියා මැරු පුතා අත්අඩංගුවට
සියඹලාණ්ඩුව, පීල්ලේබැද්ද ප්රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 96ක් වන ඩී.ජී කොරනේරිස් නැමති පස් දරු පියෙකු වන අතර මෙසේ ඝාතනයට ලක් වී ඇති පුද්ගලයාගේ පුත්රයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇත.
සැකකරු අධික ලෙස බීමතින් පැමින සිය බිරිද සහ දරුවන්ට මන්නයකින් පහරදීමට උත්සාහ දරා ඇති අවස්ථාවේ ඔවුන් අසල නිවසක් වෙත ගොස් දිවි ගලවාගත් බව සැකකරුගේ බිරිද පොලිසියට ප්රකාශ කර තිබේ.
ඝාතනයට සම්බන්ධ සැකකාර පුත්රයා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.