විශේෂාංග

මම පිස්සෙක් නෙවෙයි. දරු දුකට අඬන තාත්තා කෙනෙක්

සේනකගේ පියා වන සීමන් ද සොයියා මෝටර් කාර්මික ශිල්පියෙකු වශයෙන් රැකියාවක් කිරීමට එංගලන්තයට ගොස් ඇත්තේ 1991 වසරේදීය. එසේ ගියදා පටන්ම ඔහු දුරකතනයෙන් පවුලේ අයගේ සුවදුක් සොයා බැලුවේය. එවන් එක් දිනකදී සේනකගේ පියා වන සීමන් ඔහුට පවසා තිබුණේ එංගලන්තයේදී තමාට අනතුරක් වේ යැයි ඔහු බියෙන් පසුවන බවයි. ඊට හේතුව විමසා සිටියද ඔහුගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණු නිසා සේනක පියාට පවසා තිබුණේ එවැනි අවදානමක් ඇත්නම් තවදුරටත් එංගලන්තයේ නොසිට වහාම ලංකාවට පැමිණෙන ලෙසයි. එසේ කියා වැඩිකල් යන්නට මත්තෙන් සේනකට පියාගෙන් දුරකතන ඇමතුම් ලැබීම නතර වී ගියේය. පසුව ඔහු මේ ගැන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් අතර, ඔවුන්ගේ උදව් උපකාරයෙන් නැවතත් ඔහුට පියා සොයාගැනීමට හැකි විය. නමුත් සීමන් සඟවන කුමක් හෝ දෙයක් එහි සිදුවන බව ඉවෙන් මෙන් තේරුම්ගිය නිසා සේනක සිය බිරිඳ සහ දියණිය මෙහි තනිකර දමා 2002 වසරේ ජනවාරි මාසයේදී එංගලන්තයට ගියේය. පසුව 2003 වසරේදී දියණිය තිරශ්මිව සහ බිරිඳ ප්‍රීතිකාවද එරටට ගෙන්වා ගත්තේ ඔවුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.

අපි හැමෝම හිටියේ එකම ගෙදර. නාුනන කුලී හේවායෝ වගයක් රහසිගතව තාත්තාව ලුහු බිනවා කියලා පස්සේ මට තේරුම් ගියා. ඒත් ඒ කවුද, කින්දමන්ද කියලා මට වැටහීමක් තිබුණේ නෑ. පස්සේ දැනගත්තා මේ එන්නේ ඒ රටේ නැෂනල් ක්‍රයිම් ඒජන්සි එකේ අය කියලා.

නැෂනල් ක්‍රයිම් ඒජන්සි (NCA-UK) නම් මෙම ආයතනය එරට ස්ථාපිත කෙරෙන්නේ 2013 වසරේදීය. 2013 වසරට පෙර එය හැඳින්වූයේ SOCA (Society Organized Crime Agency) යනුවෙනි. එංගලන්ත රාජ්‍ය රහස් පනත යටතේ ස්ථාපිත කර ඇති මෙයට එරට උසාවිය, පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන යටත්ය. මෙහි නීතිරීති සියල්ලක්ම සකස්ව තිබෙන්නේ එරට රජයට කිසිම ආකාරයකින් අතපෙවීමක් කළ නොහැකි ආකාරයට වන අතර, එය යටත්වන්නේ රැජිනගේ අණට පමණි.

එමෙන්ම ඔවුන්ගේ එකම රාජකාරිය වන්නේ මොනයම්ම ආකාරයකින් හෝ රැජිනගේ භාණ්ඩාගාරයේ ධනය වැඩි කිරීමත්, ඇගේ කිරීටය ආරක්ෂා කිරීමත්ය. එමෙන්ම අද වනවිට ලොව පුරා රටවල් රාශියකම ඔවුන්ගේ නියෝජිත ආයතන ඇත.

මට දැනගන්න ලැබුණු විදියට මේ ආයතනය  එංගලන්ත රජය විසින් පවත්වාගෙන ගියත් ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ත්‍රස්තවාදී කල්ලියක් විදියට. මොකද ඔවුන් ඒ රටට එන විදෙස් සංක්‍රමණිකයන්ට බෝන් අගේන් වැනි විවිධ ආගම්වලට සම්බන්ධ වෙන්න කියලා බලපෑම් කරනවා විතරක් නෙවෙයි ඔවුන්ව මත්ද්‍රව්‍ය ජාවරම්වලත්, නීතිවිරෝධී  අපරාධවලත් යොදවනවා. අනික එංගලන්තයේ  ගොඩක් ෆිඩෝෆීලියා රෝගයට ගොදුරු වුණ ධන කුවේරයෝ ඉන්නවා. (ෆිඩෝෆීලියා රෝගය යනු බාලවයස්කාර දැරියන්ගෙන් පමණක් සතුටුවීම) ඒ අයගේ සල්ලි රට ඇතුළෙම රවාගන්න තියෙන උවමනාව නිසා මේ ත්‍රස්තවාදී කල්ලිය සංක්‍රමණික දරුවන්ව පැහැරගෙන ගිහිල්ලා දීලා ඔවුන්ගෙන් අල්ලස් ගන්නවා.

පස්සෙ තමයි තේරුණේ මොවුන් තාත්තවත් ඔවුන්ගේ බිල්ලක් කරගන්න කිහිපසැරයක්ම උත්සාහ කරලා තියෙනවා කියලා. ඔහොම ඉන්නකොට හදිසි සැත්කමකට තාත්තව රෝහල්ගත කළා. ඒත් පුදුමේ කියන්නේ ඒ සැත්කමෙන් පස්සේ තාත්තව බලාගන්න රෝහලෙන්ම සාත්තු සේවිකාවක් ගෙදරට එවලා තිබුණා. සැකයක් තිබුණු නිසා මම ඇයට කිව්වා මම නැති කිසිම වෙලාවක ගෙදරට එන්න එපා කියලා. ඒත් දවසක් මම නැති වෙලාවක ඇවිත් ඇය තාත්තාගේ ඔපරේශන් කරපු තුවාලයයි, බඩයි කපලා පිච්චෙනසුළු දෙයක් බඩට දාලා තිබුණා. ඒ වෙලාවේ තාත්තා පුදුමාකාර වේදනාවකින් මට කෑගහලා කිව්වා පුතා මෙන්න මේ ගෑනි මාව මරන්න යනවා, ඉක්මනට  එන්න කියලා. මම වැඩපොළේ ඉලා කිලෝමීටර්  හතරක් දිව්වා ගෙදරට. ඒ යනකොට තාත්තා අමාරුවෙන් බිම වැටිලා හිටියා. මම ඔහුව රෝහල් දෙකකටම අරන් ගියත් කිසිම ප්‍රතිකාරයක් කළේ නෑ. ඊටපස්සේ 2010 ජනවාරි 28 මැරුණ තාත්තා 31 මැරුණා කියලා බොරු වාර්තාවක් හදලා තිබුණා.

තම පියාගේ මරණය සැලසුම්සහගතව කළා දැයි යන්න සැකයක් පවතින බැවින්, ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් ලබා දෙන ලෙස සේනක එරට සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අන්තිමට මම තාත්තාගේ මරණයේ ඉලා මට සිදුවුණ හැම අපරාධයක්ම එංගලන්තයේ පාර්ලිමේන්තුවට, අග්‍රවිනිශ්චයකාරවරයාට, පොලිසිවලට කිව්වත් කිසිම  තැනකින් මං ගැන බැලුවේ නෑ. එතකොට එයාලා මාව පිස්සෙක් කියලා එලවන්න පටන්ගත්තා. බැරිම තැන මම නැෂනල් ක්‍රයිම් ඒජන්සි කියන්නේ එංගලන්තයේ  රජය විසින් පවත්වාගෙන යන ත්‍රස්තවාදී කල්ලියක්  කියලා පිටරටවල්වල ජනාධිපතිවරුන්ව දැනුවත් කළා. ඒත් එකකින්වත් වැඩක් වුණේ නෑ. අන්තිමට  රුසියාවේ පුටින් ජනාධිපතිතුමා විතරක් දන්වලා තිබුණා ඒ රටට ඇවිත් තොරතුරු දුන්නොත් මේ ගැන හොයලා බලන්නම් කියලා.

එය එසේ වෙද්දී සේනකව නිහඬ කරවීමේ අරමුණින් නැෂනල් ක්‍රයිම් ඒජන්සි ත්‍රස්තවාදීන් විසින් 2012 වසරේදී ඔහුගේ දියණිය වන තිරශ්මිව පැහැරගත් බව ඔහු කියන්නේය.

මේ ත්‍රස්තවාදීන් මුලින්ම මගේ දුවව පැහැරගත්තේ 2012 අවුරුද්දේ දවසක. මොවුන් කිසිම කෙනෙක්ව පැහැරගෙන රවාගෙන තියාගන්නේ නෑ. කරන්නේ මත්ද්‍රව්‍ය දීලා ඒ අයව ඔවුන්ට ඕනේ විදියට හසුරවන එක. එදත් පැහැරගෙන ගිය දවසේ ඔවුන් මගේ දුවට හොටම විෂ මත්ද්‍රව්‍ය ශරීරගත කරලා සිහි විකල් කරලා ආපහු ගෙදර එවලා තිබුණා. පස්සේ පස්සේ දුව ඉස්කෝලේ ගියත් ආපහු ගෙදර ආවේ ඔවුන් එවපු දවසට.

2012 න් 2017 වෙනකම්ම දුවට මත්ද්‍රව්‍ය දීලා ලිංගික ශ්‍රමිකයෙක් විදියට තියාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි දවසක් මේ ත්‍රස්තවාදී කල්ලියේ රාජ්‍ය  අනුග්‍රහය ඇතුව ගෙදරටම ආපු මිනිහෙක් මගේ ඉස්සරදිම දුවව දූෂණය කළා. මම පැමිණිලි කළාම එංගලන්ත පොලිසියෙන් ඔහුව ගෙදර තියලා මාව අත්අඩංගුවට ගත්තා.

පසුව එංගලන්තයේ රජය විසින් තිරශ්මිව කිලෝමීටර දෙසීයක පමණ දුරින් ඇති විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර බවත්, ඇය එහි නේවාසිකාගාරයේ සිටින බව කියමින් නිවසට පැමිණිම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කියන්නේය.

මට යන්න දුන්නේ ඒ අය දුවව කැම්පස් එකට ඇතුළත් කරගත්ත දවසේ විතරයි. ඊටපස්සේ හිටපු ගමන් දුවගේ ෆෝන් එකෙන්, මම හොින් තාත්තේ කියලා මට මැසේජ් එකක් ආවා ඇරෙන්න මට කතා කළේ නෑ. එයාව බලන්න කැම්පස් එකට යන්න හදපු හැමපාරකම එහේ නිලධාරීන් මාව වැළැක්වුවා. පස්සේ මම මගේ දුවගේ ජීවිතේ බේරගන්න පිහිටක් ඉල්ලන්න තියෙන හොම තැන කියලා හිතාගෙන 2018 පෙබරවාරි 13 ලංකාවට ආවා.

එදා සිට සේනක විසින් මේ ගැන ජාතික ළමාරක්ෂක අධිකාරියට, ළමා හා කාන්‍තා කාර්යාංශයට, පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, අගවිනිසුරුවරයාට සහ කොළඹ මූල්‍ය හා වංචා විමර්ශන අංශයේ නිලාධාරීන්ටද පැමිණිලි ඉදිරිපත් කළද ඔවුන් විසින් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි සේනක කියා සිටින්නේ.

පසුව අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතාව සම්බන්ධ කරගත්තේ මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමටය.

පළවෙනි කාරණාව තමයි මේ කියන ගෑනු දරුවට අවුරුදු දහඅටට වැඩි නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ අපිට ඒ ගැන පැමිණිල්ලක් භාරගැනීමේ හැකියාවක් නෑ. නමුත් මේ සිදුවීම එංගලන්තයේ  සිදුවුණ දෙයක් නිසා අපේ රටේ වගකිවයුතු ආයතනවලට මොහු ඉදිරිපත් කරන කරුණු තහවුරු කරගැනීමේ යම්කිසි ගැටලුවකුත් ඇති. අනිත් කාරණාව මේ දරුවාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නේ නැතිව අපි කොහොමද අධිකරණයට කරුණු වාර්තා කරන්නේ? මෙතැනදි මට ඔහුට දෙන්න පුළුවන් හොම උපදෙස තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට මේ ගැන කියලා ලිපියක් යොමු කරන්න කියන එක.

 

ලිහිණි මධුෂිකා