News

පොල්ලෙන් පහරදී මව ඝාතනය කළ පුතා අත්අඩංගුවට

රත්නපුර, ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක් වන අතර නිවසේ රැඳී සිටි අවස්ථාවේදී ඊයේ 40 හැවිරිදි පුුත්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අයගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පිටත්කර යවා තිබේ. එහිදී හෙලිවී ඇත්තේ එම ස්ථානයට පිටත්ව ගිය පොලිස් නිලධාරීයාගේ මව මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ඝාතනය සම්බන්ධ පොලිස් නිලධාරියාගේ සොහොයුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.