ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන අතර අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.