News

කැබිනට් රැස්වීමට පෙර කැබිනට් රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පුහුණු කැබිනට් රැස්වීමක් පවත්වන බව වාර්තා වේ.

කැබිනට් රැස්වීම පවත්වන දිනයේම උදෑසන හෝ පෙරදිනයේ අරලියගහ මන්දිරයේදී අදාළ රැස්වීම පවත්වන බව සඳහන් වේ.

කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන අතර එහිදී ඊට ජනාධිපතිවරයාගෙන් එල්ල විය හැකි විරෝධතා, ඒ සඳහා දැක්විය යුතු ප්‍රතිචාර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව වාර්තා වේ. මේ සඳහා කැබිනට් ඇමැතිවරුන්ගෙන් භාගයකට වැඩි පිරිසක් සහභාගි වන බවද වාර්තා වේ.

මධුභාෂණ හේරත්