ඉවුම් පිහුම්

අමුමිරිස් මෝජුව…

අවශ්‍ය ද්‍රව්‍ය
*අමුමිරිස් ග්‍රෑම් 200
*අඹරාගත් අබ තේ හැඳි 2
*විනාකිරි ස්වල්පයක් (තේ හැඳි 3ක් පමණ)
*ඉඟුරු කුඩා කැබැල්ලක්
*අමුමිරිස් බැදගැනීමට අවශ්‍ය පමණ තෙල්
*සුදුලූනු බික් 5
*සීනි ස්වල්පයක්
*ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
*අමුමිරිස් ටික සෝදා යටින් කුඩාවට පලාගන්න.

*එසේ පලාගත් අමුමිරිස් ටික ගැඹුරු තෙලේ සුදුපාට වනසේ බැදගන්න. (මිරිස් බැදීමේදී ඉතා ප්‍රවේශමෙන් බැදගැනීමට වගබලාගන්න.)

*දැන් ඉඟුරු කැබල්ල සහ සුදුලූනු ටික හොඳින් අඹරාගෙන එයට අඹරාගත් අබ ටික එක්කරගන්න.

*අනතුරුව එයට සීනි, ලුණු සහ විනාකිරි ටික එක්කර හොඳින් කලවම් කරගෙන බැදගත් අමුමිරිස් ටික එයට එක්කර ආහාරයට පිළිගන්වන්න.

ඩබ්ලිව්.එම්.ආර්.ඉදුනිල් වීරසේකර
ආපනශාලා ප්‍රධාන සූපවේදී
ආගමන විගමන දෙපාර්තමේන්තුව