බත් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
*බත් කෝප්ප 1 1/2
*අල ග්‍රෑම් 250
*කැරට් ගෙඩි 1
*මාළු ග්‍රෑම් 150
*අමුමිරිස් කරල් 3/4
*ඉඟුරු කැබැල්ලක්
*සුදුලූනු බික් 2/3
*ලොකු ලූනු ගෙඩි 1
*ලුණු, ගම්මිරිස් රස පදමට
*කුරුඳු කැබැල්ලක්
*එනසාල් කරල් 1
*පාන්කුඩු ග්‍රෑම් 100
*බැටරයට පාන්පිටි අවශ්‍ය පමණට
*බැදගැනීමට තෙල්
සාදන ක්‍රමය
*අල සහ කැරට් තම්බා අතින් හෝ ගෑරුප්පුවක් භාවිතයෙන් පොඩි කරගන්න.
*තම්බාගත් මාළු කෑල්ලද කටු ඉවත්කර පොඩිකරගන්න.
*දැන් බත්වලින් කොටසක් යාන්තමට බ්ලෙන්ඩ් කරගන්න.
*අනතුරුව භාජනයක් ලිප තබා ඊට තෙල් එක්කර සිහින්ව තලාගත් ඉඟුරු, සුදුලූනු, ලූනු, කරපිංචා (කුඩාවට ලියාගත්) ඊට එක්කරන්න.
*කුරුඳු පොතු, තලාගත් එනසාල්ද ඊටම එක්කර හොඳින් බැදගන්න.
*දැන් එයට අල, කැරට්, මාළු සහ බ්ලෙන්ඩ් කළ බත් සහ අනෙක් බත් කොටසද එක්කර හොඳින් කලවම් කරගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එක්කරන්න.
*මෙම මිශ්‍රණය ලිපෙන් බා මදක් නිවෙන්නට හැර කුඩා බෝල ලෙස සාදාගන්න.
*සාදාගත් පාන්පිටි බැටරයේ කට්ලට් ගිල්වා එය පාන්කුඩුවල දවටාගන්න.
*දැන් මෙය ගැඹුරු තෙලේ බැද කෑම මේසයට යවන්න.
**බත් කන්නට අදිමදි කරන කුඩා දරුවන්ට වුවද මෙය ගුණදායක කෑමකි.
ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම
නිරෝෂි දොළමුල්ල